25.6 C
Colombo
Thursday, August 28, 2025

“බුරවි” සුළි කුණාටුව රට තුලට ඇතුල්වෙයි…

Published:

“බුරවි” සුළි කුණාටුව රට තුලට ඇතුල්වෙයි…

“බුරවී” සුළි කුණාටුව මිට සුළු මොහොතකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

සුළි කුණාටුව කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පිහිටා ඇති බවත් හෙට උදෑසන වන විට මෙම පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා දිවයිනෙන් බැහැරව යනු ඇති බවයි.

රට අභ්‍යන්තරයේ සුළං වේගය සහ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

“බුරවී” සුළි කුණාටුවට නම් තැබුවේ කවුරුද ?

අද රාත්‍රී කාලය වන විට මෙරටට බලපානු ලබන සුළි කුණාටුව සඳහා තබා ඇති නාමය වන්නේ ” බුරවී” බව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කර සිටියා. මෙම සුළි කුණාටුව සඳහා එම නම තබා ඇත්තේ මාලදිවයින විසින් බවයි තොරතුරු වාර්තා වන්නේ.

2020 ඉන්දීය සාගරයේ බෙංගාල බොක්ක සුළි කුණාටු නාමකරණයේදී මාලදිවයින විසින් ලබාදී ඇති එම “බුරවී” යන නාමයේ සැබෑ තේරුම වන්නේ “කඩොලාන” සඳහා මාලදිවයින විසින් භාවිතා කරන නාමයයි.

ඉන්දු – ආර්යයන් භාෂාව ලෙස හඳුන්වනු ලබන Dhivehi යන භාෂාව කතා කරන මාලදිවයින් ජාතිකයින්ගේ භාෂාවෙන් මෙම සුළි කුණාටුව සඳහා නම් තබා ඇති බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,455FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img