27.8 C
Colombo
Thursday, August 28, 2025

බිත්තර පාලන මිළ ඉක්මවයි… ඉහල මිලට වෙළද පලේ..

Published:

බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බව බිත්තර ව්‍යාපාරිකයන් කියා සිටියි. බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදිම සහ පාලන මිල ඉක්මවා ඔහුන් විසින් සුදු සහ රතු බිත්තර වෙලදපොලට නිකුත් කිරිම නිසා බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ. ඒ අනුව සුදු බිත්තරයක් රු 54 , රතු බිත්තරයක් රු 55 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇත්තේ බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් බිත්තර තොග මිල උපරිම සිල්ලර මිලට වඩා වැඩි කර තමන්ට අලෙවි කිරිම බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

බිත්තර මිල ඉහල යාම හමුවේ පාරිභෝගිකයන්ද බිත්තර මිල දි ගැනිමෙන් වැලකි සිටින බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

වෙනත් දිනවල තම වෙලදසැලට අවශ්‍ය බිත්තර තොග බිත්තර ගොවිපොලවල් හිමියන්ගෙන් ලැබුණු බවත්, පවත්නා තත්ත්වය මත තම වෙලදසැලට අවශ්‍ය බිත්තර තොග නොලැබිම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවද වෙලෙදුන් පැවසිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img