25.6 C
Colombo
Thursday, August 28, 2025

බැසිල් රාජපක්ෂ ගේ විදේශ ගමන් තහනම ඉවතට…

Published:

බැසිල් රාජපක්ෂ ගේ විදේශ ගමන් තහනම ඉවතට…

හිටපු අමාතය බැසිල් රාජපක්ෂ හට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

2015 ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම සහනාධාර ලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දීමට එම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991 මුදලක් සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ ඇතුලු සිවු දෙනෙකුට පවරා ඇති නඩුව අද දිනයේදී විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරයා පවසා සිටියේ තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත්කර ඇති ආර්ථික කාර්ය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන නිසා ඔහුට රාජකාරීමය කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍යව ඇති බැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසයි.

ඒ බව තහවුරු කිරීමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී .

හිටපු අමාතය බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාතයාංශයේ හිටපු ලේඛම් වෛදය නිහාල් ජයතිලක, දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ හිටපු අධයක්ෂක ජනරාල් කිත්සිරි රණවක සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ නියොජය අධයක්ෂක ජනරාල් බන්දුල තිලකසිරි යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,455FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img