27.2 C
Colombo
Friday, August 29, 2025

බැසිල්ට දුන් ආයතන 03ක් ගැළවෙයි…

Published:

බැසිල්ට දුන් ආයතන 03ක් ගැළවෙයි…

මුදල් අමාත්‍යංශය වෙත පවරා තිබූ ආයතන 03 ක් යළි ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.

එම ආයතන වන්නේ බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදලයි.

මෙම ආයතන මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු යටතට අයත්ව තිබූ ආයතනයි.

එහෙත් ඊයේ දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවුරුම්දීමත් සමඟ මෙම ආයතන 03 ඔහු යටතට පත් කෙරුණා.

අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්, අලුතින් පිහිට වූ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පවරා තිබුණේ ආයතන 10 ක් පමණයි.

නව තීරණයත් සමඟ එම අමාත්‍යංශයට ආයතන 13 ක් අයත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img