25 C
Colombo
Thursday, August 28, 2025

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් 139 කට කොරෝනා …

Published:

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් 139 කට කොරෝනා …

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 139 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 706ක් වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝන රෝගීන් සංඛ්‍යාව 4,118 ක් වනවා.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 839ක් වන අතර දැනට සුවය ලැබූ පිරිස 3266ක් වනවා.

මේ අතර එම ආසාදිත පොකුර විශාල බැවින් සමාජයට එය පැතිරීමේ වැඩි ඉඩක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ.

මේ අතර දිවුලපිටියේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සියලූම සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සියලූම සාමාජිකයින්, කුමන ප‍්‍රදේශයක ජීවත්වුවද, සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙනවා.
යුද්ධ හමුදාව විසින් මේවනවිට කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැුගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ, සඳහා අදාළ පවුල්වල සියලූදෙනා සූදානම් විය යුතු බවයි රජය දැනුම් දුන්නේ. ඊට අදාළ උපදෙස් ඉදිරියේදී අදාළ පවුල් වෙත ලබාදෙන බව ද රජය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img