27.8 C
Colombo
Monday, July 7, 2025

බන්ධනාගාරයේ පුටු පෙරළියක් – හිටපු කොමසාරිස් ජනරාල් යළි ලොකු පුටුවටම

Published:

රක්ෂිත බන්ධනාගාරගත කළ වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඒ, අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීති විරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව සඳහා ඉදිරිපත් කිරීමේ අරමුණින්.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබෙනවා.

ගාමිණී දිසානායක මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශය භාරව සිටින නිලධාරිවරයා ද වනවා.

මේ අතර වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා අද පෙරවරුවේ වැඩ භාර ගත්තා.

ඔහු මීට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙසද කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img