24.5 C
Colombo
Sunday, January 18, 2026

බන්ධනාගාරයට ගිය කෙහෙලියගේ පුතාට හුස්ම ගන්න අපහසු වෙයි – වෛද්‍ය නිර්දේශයෙන් රෝහලට

Published:

බන්ධනාගාරයට ගිය කෙහෙලියගේ පුතාට හුස්ම ගන්න අපහසු වෙයි – වෛද්‍ය නිර්දේශයෙන් රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අධිකරණයෙන් රැගෙන ආ ඔහු බන්ධනාගාර නිලධාරින් විසින් ඊයේ පස්වරුවේ රඳවනු ලැබුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “එම් ටූ” වාට්ටුවේයි.

හිටපු අමාත්‍යවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ද රඳවා සිටින්නේ එම වාට්ටුවේ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට නිදා ගැනීමේදී ශ්වසන අපහසුතා පවතින බවයි.

ඒ අනුව එම අවස්ථාවලදී වෛද්‍ය උපකරණ යොදා ගන්නා බවද ඔහු පවසා තිබෙනවා.

රමිත රඹුක්වැල්ල බන්ධනාගාර ගත කරන අවස්ථාවේ අදාළ උපකරණය ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබූ බවද බන්ධනාගාර ආරංචි පැවසුවා.

ඒ අනුව ඔහුට නිදාගැනීම සඳහා ඇඳක් ලබාදිය යුතු බවත් ශ්වසන අපහසුතා පවතින අවස්ථාවල ඊට අදාළ ප්‍රතිකාර කළ යුතු බවත් වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත්‍රයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර තිබෙනවා.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම මගින් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.

ඉන් අනතුරුව රමිත රඹුක්වැල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය වෙත ඉදිරිපත් කළ අවස්ථවේ නියෝග කළේ සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img