30 C
Colombo
Wednesday, September 3, 2025

පෞද්ගලික බස් ධාවනය අඩාල වෙයි : ලංගම සහ දුම්රියට වැඩි මගීන් සංඛ්‍යාවක්…

Published:

පෞද්ගලික බස් ධාවනය අඩාල වෙයි : ලංගම සහ දුම්රියට වැඩි මගීන් සංඛ්‍යාවක්…

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් සහ දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අද දිනයේ වැඩි වී තිබෙනවා. ඒ, ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ අද දිනයේ අවම වශයෙන් ධාවනයවීමේ පසුබිමක් තුළයි.

මේ වනවිට පෞද්ගලික බස් රථ ධාවනය සියයට 10 කටත් වඩා අඩු අවම මට්ටමක පවතින බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

මෙරට තුළ දෛනිකව ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 18,000 ක් පමණ වනවා. එහෙත් අද දිනයේ ධාවනය වන්නේ බස් රථ 800 ක පමණ ප්‍රමාණයක් බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ.

අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනය ද අද දිනයේ සියයට 10 ක් දක්වා අඩුවී ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසුවා.

කෙසේවෙතත් ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ අද දිනයේ ද සියලු බස් රථ ධාවනයට එක් කර ඇති බවයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන ලබාදීමද ලංගම ඩිපෝ මගින් සාර්ථකව සිදුකරන බවයි.

මේ අතර පෞද්ගලික බස්රථ ධාවනය අඩු පසුබිමක් තුළ වෙනදා දුම්රියේ ගමන් ගත් පිරිසට සාපේක්‍ෂව වැඩි මගීන් පිරිසක් අද උදෑසන දුම්රියවල දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. අද පෙරවරුවේ සියළු දුම්රිය ධාවනය කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,496FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img