28.4 C
Colombo
Sunday, July 6, 2025

පෝලන්ත ජාතිකයන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ සිට I.D.H. වෙත…

Published:

පෝලන්ත ජාතිකයන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ සිට I.D.H. වෙත ….

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ , එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයන් සිව් දෙනෙකු වෙත කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා , කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. වසංගත රෝග රෝහල වෙත යැවීමට 3/14 දින උදෑසන 9.00 ට පමණ පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මොවුන් 3/14 දින උදෑසන 9.00 ට රැසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන එරොෆ්ලොට් ගුවන් සේවයේ ඕ.එල්.- 048 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මේ අතර 3/14 දින උදෑසන 7.00 පමණ වනවිට දකුණු කොරියාව , ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 1631 ක් පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නීරෝධායන කටයුතු සදහා යොමු කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය .

දියතලාව සහ කහගොල්ල නීරෝධායන මධ්‍යස්ථාන මේ වනවිට සූදානම් කර ඇතත් , මේ වනතෙක් කටුනායක ගුවන් තොටුපළ සිට මෙම මධ්‍යස්ථාන වෙත ගුවන් මගීන් යොමු නොකර ඇති බව ද අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය .

ඒ අතර මෙසේ ගුවන් මගීන්ට පිවිසීමට තහනම් රටවල් අතරට ප්‍රංශය, ස්පාඤ්ඤය , ජර්මනිය , ස්විට්සර්ලන්තය , ඩෙන්මාර්කය , නෙදර්ලන්තය , ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල් 08 ද එක් කර ඇති අතර , එම තහනම 3/14 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වීමට නියමිතය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img