31.7 C
Colombo
Sunday, July 6, 2025

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඇති කරන්න එක්වෙමු – ජනපති

Published:

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ, මෙරට දූෂිත ප්‍රභූ දේශපාලනය අවසන්කර ජනතාවාදී පාලනයක් තුළ රටත් සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවක බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජාති, ආගම් භේදයකින් තොරව මෙරට සිව් දෙස ජනතාව විසින් දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කළ බව ජනාධිපතිවරයා  සිහිපත් කරයි.

එම ජනවරමේ අපේක්ෂා සාක්ෂාත් කරමින් මේ වන විට රට ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර භූ දේශපාලනික වෙනස්කම් සහ අභියෝග හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් වෙහෙසෙන මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරමින් පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට එක්වන්නැයි ජනාධිපතිවරයා  වැඩ කරන ජනතාවට ඇරයුම් කළේ ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img