29.5 C
Colombo
Wednesday, September 3, 2025

පොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දිවයිනට…

Published:

පොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දිවයිනට…

පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට රාත්‍රී මෙරටට ලඟාවීමට නියමිතව තිබේ.

මේ අතර අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහාර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇත.

ඒ අනුව පොහොර නෞකා පැමිණීමෙන් අනතුරුව 10 වනදා සිට කඩිනමින් පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගොවිබිම් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මහ කන්නයට අවශ්‍ය පොහාර ලබාදීමේ වැඩපිළිවෙල සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට වෙන්කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,500FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img