31.7 C
Colombo
Sunday, July 6, 2025

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්‌

Published:

ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් සිදු කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන්  විමර්ශන ආරම්භ කර තිබේ.

 

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තාකර තිබෙන බවයි වාර්තා වන්නේ.

 

නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

 

ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීම අවස්ථාව ලබා දී ඇති බව සඳහන්ය.

 

ඒ මඟින් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් සිදුකළේ යැයි අදාළ පැමිණිල්ල තුළින් කරුණු අනාවරණය කර ඇති බව ද වාර්තා වේ.

 

ඒ අනුව මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනවලට අවශ්‍ය නියෝග පොලීසිය විසින් ලබාගෙන තිබෙන බව සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img