30 C
Colombo
Wednesday, August 27, 2025

පොලීසියට ගල් ගැසූ කාන්තාවන් 6ක් අත්අඩංගුවට…

Published:

හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හයදෙනෙකු අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) දහවල් පුබුදුපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 220ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසිය වෙත රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අදාළ සැකකරුවන්ගේ ඥාතී කාන්තාවන් හයදෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදි තුවාල ලැබු පොලිස් නිලධාරියක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ ගල්වලින් පහර දී තුවාල සිදුකිරීම යන වැරදී සම්බන්ධයෙන් අදාළ කාන්තාවන් හයදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද (17) දින අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,441FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img