27.8 C
Colombo
Monday, August 25, 2025

පියාගේ දෑස් ඉදිරිපට දරුවා වාහනයක ගැටෙයි…

Published:

හත් හැවිරිදි පාසල් සිසුවකු පියාගේ දෑස් ඉදිරිපිටදී රත්මල්ගොඩ මැද ගේට්ටුව හංදිය අසලදී ත්‍රි රෝද රථයක ගැටීමෙන් තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි

මෙලෙස තුවාල ලබා ඇත්තේ මාපුටුගල ජාතික පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිටි සිසුවෙකි

සිසුවා විද්‍යාලයේ සිට පාසල් වෑන් රථයෙන් පැමිණ තවත් සිසු සිසුවියන් පස් දෙනකු සමඟ රත්මල්ගොඩ මැද ගේට්ටුව හංදිය අසලදී පාසල් වෑන් රථයේ සහායිකාව ගේ රැකවරණය මත බැස ඇතැයි පොලිසිය පවසයි

අවස්ථාවේදී තුවාල ලද සිසුවා සහ අනෙක් හයදෙනා වෑන් රථයේ සහයිකාව භාරයේ සිට ඇති අතර මාර්ගය හරහා ඇරලීමට පෙර පියා දුටු සිසුවා එකවරම මාර්ගය හරහා දිව ගොස් තිබූ බව පොලිසිය කියයි

වහා ක්‍රියාත්මක වූ පියා ඇතුළු ප්‍රදේශවාසීහු තුවාල ලද සිසුවා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහු අංක 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් තත්ත්වය බරපතළ නොමැති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය

පාසල් වෑන් රථය පසුපසින් පැමිණි තිරෝද රථය එයට ඉස්සර කිරීමත් සමග එහි ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි

ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගත් අතර ගත් අතර පාසල් වෑන් රථයේ සහායිකාව ගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැරි බව පොලිසිය සඳහන් කරයි.අපරික්ෂාකාරි රිය පැදවීම , අනතුරක් සිදු කර කුඩා දරුවෙකුට තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ තීරෝද රථ රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

ඉංගිරිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ,ඊ, රථවාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් සැරයන් 25219 තිලකරත්න මහතා පරීක්ෂණ පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img