28.4 C
Colombo
Monday, July 7, 2025

පාසැල් සිසුවියක් අපයෝජන වීමේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published:

පසුගියදා කොටහේන ප්‍රදේශයේ 10 වන වසරේ පාසැල් සිසුවියක් අපයෝජන වීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවත් ඒ අනුව අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාළ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් කටයුතු කර ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර, වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ සදහන්.

මෙලෙස අපයෝජනයට ලක්වූ බව කියන සිසුවිය පසුව සියදිවි හානිකරගෙන තිබුණි.

අදාළ සිසුවියට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා අද දහවල් බම්බලපිටියේ කාන්තා පාසලක් ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් ද පැවැත්වුණි.

පාසල් සිසුවියට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති එම පාසලේ පිරිමි ගුරුවරයකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටි අතර අපරාධකරු ආරක්ෂා කළ බවට චෝදනා එල්ල වී ඇති පාසල් විදුහල්පතිවරයා කෙරෙහි ද විරෝධතාකරුවන් තම අප්‍රසාදය පළ කළේය.

විරෝධතාවය හේතුවෙන් කොළඹ බම්බලපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය අවහිර වූ අතර පොලිසිය කැරලි මර්දන ඒ්කකයේ නිලධාරීන් ද එම ස්ථානයට යොදවා තිබිණි.

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img