31.7 C
Colombo
Sunday, July 6, 2025

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දගේ නඩුව කල් යයි

Published:

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යලි ජූලි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

ඒ මෙම නඩුව අද නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මේ වන විට අභියාචනාදීකරණයට උසස් වීමක් ලබා තිබෙන හෙයින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩුව සඳහා නව විනිසුරුවරයකු අගවිනිසුරු තුමිය විසින් පත් කරන තෙක් බලා සිටින බව සඳහන් කළා.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව අදාල නඩු ජුලි මස 28 වන දා යළි කැඳවීමට නියම වුණා.

මෙම චෝදනා සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට පෙර නියම කර තිබුණා.

එහෙත් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණා.

එම ඇපෑල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ නඩුවල විත්ති වාචකය කැඳවා යළි විභාගයක් පවත්වා තීන්දුව ලබා දෙන ලෙසයි.

ඒ අනුව මෙම නඩුව යළි කැඳවා තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img