27.2 C
Colombo
Monday, July 7, 2025

පාස්කු ඉරිදාව අදයි

Published:

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්තානය වීම සිහි කෙරෙන පාස්කු ඉරිදා දිනය අදයි.

ඒ අනුව කිතුනුවන්ගේ ශුද්ධ වූ සතියේ අවසන් දිනය ද අදට යෙදී තිබේ.

කිතුණුවන් බැතියෙන් සිහිපත් කරන ආලේලූයියා සෙනසුරාදාව ඊයේ දිනට යෙදී තිබූ අතර ඒහිදී ජේසුස් වහන්සේගේ දේහය සොහොන් ගෙයි තැන්පත් කර තිබූ අවස්ථාව සිහිපත් කෙරේ.

ශෝකයේ සහ අපේක්ෂාවේ දිනයක් ලෙසයි කතෝලිකයින් ඒදින හදුන්වන්නේ.

ඊයේ පස්වරුවේ සිට අද අලු‍යම දක්වාම කිතුනුවන් දේව මෙහෙයන් සිදුකරමින් අන්ධකාරය දුරු කරමින් පාස්කු පහන් දල්වා ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ ආලෝකය සංකේතවත් කරයි.

ඒ අනුව ලෝවාසී කිතුනුවන් පාස්කු ඉරිදාව සමරන්නේ බැතියෙන් මෙන්ම මහත් උත්සවශ්‍රීයෙනි.

පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ කොළඹ කොටහේන සාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්විණ.

ඊට සමගාමීව දිවයින පුරා දේවස්ථානවල ඊයේ රාත්‍රීයේ මෙන්ම අද දිනයේදීත් විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙනු ඇති.

උත්සවශ්‍රීයෙන් සමරන කිතුණූවන්ගේ පාස්කු ඉරිදාව අදුරු මතකයන් සමග කදුළින් තෙත් වූයේ 2019 වසරේ පාස්කු ඉරිදා මෙරට ක්‍රිස්තියානි දේවස්ථාන තුනක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගෙන සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙනි.

ඒ අනුව අද දින මෙන්ම ත්‍රස්ත ප්‍රහාරය සිහිපත් කෙරෙන හෙට දිනයේදී ද දේව මෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

මේ අතර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් හෙට උදෑසන 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීමට නියමිතයි.

ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් විසින් නිකුත් කළ පණිවිඩයක දැක්වෙන්නේ අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන සැමරුම සිදු කරන බවයි.

සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් හා වින්දිතයන්ගේ සහභාගීත්වයෙන් එම සැමරුම් සිදු කිරීමට නියමිතයි.

එයින් පසු උදෑසන 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවය රැකීම සිදු කෙරෙනු ඇති.

කටුවාපිටිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී උදෑසන 8.15 ට අති උතුම් මැක්ස්වෙල් සිල්වා, සහ ජේ. ඩී. ඇන්තනි හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතයි.

පස්වරු 5.30 ට වතිකානයේ ශුද්ධාශනය විසින් ප්‍රහාරවලින් මියගිය අයව ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පිළිගැනීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත්කිරීම සහ දේව මෙහෙය පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img