30.6 C
Colombo
Sunday, July 6, 2025

පාසල් සිසුන්ට සුරක්ෂා රක්ෂාවරණය සහ ටැබ් ලබාදීම අත්හිටුවයි…

Published:

පාසල් සිසුන්ට ටැබ් පරිඝණක ලබාදීම සහ සුරක්ෂා රක්ෂාවරණය ක්‍රියාත්මක කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට ඊයේ (27) දිනයේදී රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් මේ සම්බන්ධයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කරනු ලැබූ බවත් ඒ අනුව පසුගිය රජය විසින් පාසල් සිසුන්ට ලබා දීමට සැලසුම් කරන ලද ටැබ් පරිඝණක ලබාදීම සහ සිසුන්ට ලබාදී ඇති සුරක්ෂා රක්ෂාවරණය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම ටැබ් පරිඝණක ලබාදීම සහ සුරක්ෂා රක්ෂාවරණය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මිට අමතරව තොරතුරු තාක්ෂණ අංශය සියලු බදුවලින් නිදහස් කිරීමට සහ බැංකු තැන්පතු පොළිය මත පනවා තිබු රැඳවුම් බද්ද ඉවත් කිරීමට ද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img