25 C
Colombo
Thursday, November 27, 2025

පාර්ලිමේන්තු විවාද යළි නැරඹීමට පාසල් සිසුන්ට අවස්ථාව…

Published:

පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පාසල් සිසුන්ට යළි අවස්ථාව ලබාදි තිබේ.

රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය  හිමිව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

ඒ අනුව, පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමට පාසල් දරුවන් අවස්ථාව හිමි වේ.

කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් පසුගිය සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කළද පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී ඒ සඳහා අවස්ථාව හිමි නොවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,475FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img