30.6 C
Colombo
Monday, January 19, 2026

පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සොයා පරීක්ෂණ…

Published:

ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවෙන් යොමුකර ඇති මන්ත්‍රීවරුන්ගේ නම, උපන්දිනය සහ ජාතික හැඳුනුම්පත් අංක සහිත ලේඛනයක් පදනම් කර ගනිමින් අදාළ විමර්ශනය සිදුකරන බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ ලේඛනය යොමු කර ඇති බවය් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පසුගිය දා සඳහන් කළේ ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉවත් කිරීමේ බලයක් තමන් වෙත නොමැති බවයි.

එය අධිකරණය ක්‍රියාවලියක් මඟින් පමණක් සිදුකළ යුතු කටයුත්තක් බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි වන වගන්තිය ද ඇතුළත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img