31.7 C
Colombo
Sunday, July 6, 2025

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වනදා

Published:

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

සාමාන්‍යයෙන් පාප් වරයෙකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදුකෙරුණත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පළකළ අභිමතය පරිදි උන් වහන්ගේ අවමංගල කටයුතු වඩාත් සරලව සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මෙතෙක් සිටි සෑම පාප් වහන්සේවරයෙක්ම මිහිදන් කිරීමට සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සෑදු මිනී පෙට්ටි භාවිත කළත්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා සිටියේ සින්ක්වලින් ආවරණය කළ සරල ලී පෙට්ටියක් බහා තමන් මිහිදන් කරන ලෙසය.

එමෙන්ම ශාන්ත පීතර බැසිලිකාවේ මහජන ප්‍රදර්ශනය සඳහා පාප් වහන්සේගේ දේහය උස් වේදිකාවක් මත තැබීමේ සම්ප්‍රදාය ද උන්වහන්සේ අහෝසි කර තිබේ.

2022 වසරේදී සකස් කෙරුණු අවසන් කැමති පත්‍රයට අනුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කිරීමටද නියමිතව ඇත්තේ උන් වහන්සේ වඩාත් ප්‍රිය කළ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේ දී ය.

ඒ, සියවසකට අධික කාලයක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින්ය.

ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව වතිකාන භූමියෙන් පිටත, ඉතාලියේ රෝම අගනුවර ටර්මෙනි ප්‍රධාන දුම්රියපොළ අසළ පිහිටා ඇති නමුත්, එම භූමියේ හිමිකම පවතින්නේ වතිකානය සතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img