24.5 C
Colombo
Wednesday, November 26, 2025

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක් රු. 4 කින් ඉහළ නංවයි…

Published:

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක් රු. 4 කින් ඉහළ නංවයි…

ප්‍රිමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිලියෙල කිරිම සදහා යොදා ගන්නා තිරිගු පිටි කිලෝවක් (19) දින සිට රු 40 කින් ඉහල දමන ලෙසට දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

ඒ අනුව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන මිල්ක් වර්ගයේ තිරිගු පිටි කිලෝවක් රු 243.50 කට අලෙවි නියෝජිතයන් විසින් බේකරි හිමියන්ට නිකුත් කරනු ලබයි.

තිරිගු පිටි මිල වැඩි විම සම්බන්ධයෙන් බේකරි හිමියන් කියා සිටින්නේ කිලෝ 50 ක තිරිගු පිටි මිටියක් මිල දි ගැනිමට රු දස දහසකට වැඩි මුදලක් පිරිවැයක් ලෙස දැරිමට සිදු වන බවත්, එයට සමගාමිව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩි විම හමුවේ මෙම කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවදානමකට ලක් වි ඇති බවද හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් කියා සිටියි.

ග්‍රැම් 450 ක් පාන් ගෙඩියක මිල යලිත් ඉහල යාම හමුවේ එයට සමගාමිව අනෙකුත් කෙටි කැම වල මිල ඉහල නැංවිමට සිදු වන බවත්,මෙසේ මිල වැඩි කිරිම හමුවේ පාරිභෝගිකයා දැඩි අසිරුතාවයට පත් වි ඇති බවද හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් වැඩිදුරටත් පැවසිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img