30.6 C
Colombo
Wednesday, September 10, 2025

ප්‍රියමාලිගේ ගණුදෙනුවේ නාමලුත් ඉන්නව ද?…

Published:

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේ තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනු වලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බවයි.

තමා එම සැකකාරිය සහ තවත් පුද්ගලයකු මුදා හැරීමට දුරකතන ඇමතුමක් දී බලපෑම් කළ බවට සමගි ජන බලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මැතිසබයේදී ප්‍රකාශයක් කළ බවත් තමා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කළා. තමා එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති හෙයින් පොලිසියට යෑමේ අවශ්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා පැවසීය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතරමුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා ඉසුරු බණ්ඩාර ඊයේ (19) යළි අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදි තිළිණි ප්‍රියමාලි සහ ඇගේ සහකරු ඉසුරු බණ්ඩාර නොවැම්බර් 02 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර කළා. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,109FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img