ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව පසුවූ ගායන ශිල්පී සමන් ද සිල්වා අද අලුයම ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේදී මියයන විට 69වැනි වියේ පසුවිය.
සමන් ද සිල්වා ගායනා කළ නියරේ පියනගලා, පුංචි කුරුලු කූඩුවේ, සංතෝස වෙන්න ප්‍රීතිවෙන්න, තණ නිල්ල දිගේ සහ පුරහඳ නැගුණා වැනි ගීත රැසක් මෙරට රසිකයන් වඩාත් ප්‍රිය කළ හා ජනාදරයට ද පත්වූ ගීතයි.
1975 වසරේ සංගීත ක්ෂේත්‍රයට පිවිසි සමන් ද සිල්වා, කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.