28.4 C
Colombo
Sunday, July 6, 2025

ප්‍රතිකා රාවල්ගෙන් ක්‍රිකට් වාර්තාවක්

Published:

ඉන්දියාව,දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ඒක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ දකු අප්‍රිකාව අතර තරගය අද පැවැත්විණ.

 

ඉන්දීය කණ්ඩායමට ඒහිදී ලකුණු 15 ක ජයක් හිමිවිය.

 

කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 276 ක් රැස් කරන ලදී.

 

අනතුරුව පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි  දකුණු අප්‍රිකා කාන්තා පිලට පන්දුවාර 49 ටි පන්දු 2 ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකිවුණේ ලකුණු 261 ක් පමණයි.

 

මෙම තරගයේදී කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී අවම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 500 සීමාව පසුකළ ක්‍රීඩිකාව බවට පත්වීමට ඉන්දීය කාන්තා කණ්ඩායමේ ප්‍රතිකා රාවල් සමත්ව තිබේ.

 

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඇය ලබා ගත් ලකුණු 78 ත් සමගය.

 

ඒ අනුව ප්‍රතිකා රාවල් ඉනිම අටකට ක්‍රීඩා කරමින් ලකුණු 500 සීමාව පසුකර තිබේ.

 

මීට පෙර එම වාර්තාවට එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකා චාර්ලට් එඩ්වර්ඩ් හිමිකම් කියනු ලැබුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img