24.5 C
Colombo
Wednesday, November 26, 2025

ප්‍රංශය ඉන්දියාව සමග මහා පරිමාණ ගුවන් යානා ගනුදෙනුවක…

Published:

ප්‍රංශය ඉන්දියාව සමග මහා පරිමාණ ගුවන් යානා ගනුදෙනුවක…

ඉන්දියාව සහ ප්‍රංශය විසින් මහා පරිමාණ ගුවන් යානා ගනුදෙනුවකට සූදානම් වන බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ දෙරට අතර ඉදිරි දිනවල ඉන්දීය නාවික හමුදාව සඳහා රෆාල් මැරීන් ගුවන් යානා 26ක් මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට ඉඩ ඇති බවයි.

දෙරට අතර මෙතෙක් සිදු වූ විශාලතම ගනුදෙනුව ලෙස සැලකෙන මෙම ගිවිසුම අප්‍රේල් 28 වනදා අත්සන් කිරීමට ඉඩ ඇති බව ද වාර්තාවක දැක්වේ.

ප්‍රංශ ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ඉදිරියේ මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසයි.

වාර්තා වන පරිදි එම ගුවන් යානා ගනුදෙනුව රුපියල් කෝටි 63,000 ක් වන අතර එය දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ අත්සන් කිරීමට නියමිත බව ANI පුවත් සේවය වාර්තා කරයි.

ඉන්දියාවේදී ඊට අත්සන් තබනු ඇතැයි ද වාර්තා පල වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img