27.8 C
Colombo
Tuesday, September 9, 2025

පළමු ගොදුර ඩැහැගත් සිංහයෝ…

Published:

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනාවා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඬුලු 05 ක් දැවී ලකුණු 188 ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. වනිඳු හසරංග පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟ නොදැවී වේගවත් ලකුණු 37 ක් රැස් කළා.

එම ඉලක්කය හබා ගිය  සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඬුලු 05 ක් දැවී ලකුණු 155 ක් රැස් කර තිබුනා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 33කින් ජයගැනීමට සමත් වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,908FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img