28.9 C
Colombo
Monday, July 7, 2025

පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල…

Published:

පස්සර බස් අනතුරින් 8 දෙනෙකු මරුට : 40කට තුවාල…

බදුල්ල, පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ පුදගලයින් 41 දෙනෙක් මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

තුවාලකරුවෝ අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද වෙති.

බදුල්ල පස්සර හයේ කණුව ප්‍රදේශයේදී ඊයේ පස්වරු 4.30 ට පමණ ඇකිරිය බලා ධාවනය ආරම්භ කර ඇති මෙම බස් රථය අනතුරට ලක්ව තිබුණේ පස්වරු 5.20 ට පමණයි.

අඩි 100 ත් 150 ත් අතර ප්‍රපාතයකට පෙරළීමෙන් බස් රථයට ද දැඩි හානි සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 50 කට අධික පරිසක් ගමන් ගෙන තිබිණ.

තුවාල ලැබූ පිරිස ඇතුළත් කෙරුණේ බදුල්ල මහ රෝහලටයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අනතුරින් තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවන දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

තවත් සිව් දෙනෙකු ඊයේ රාත්‍රියේ ශල්‍යකර්ම සඳහා යොමු කළ බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

අනතුරින් මියගිය පුද්ගලයින් 8 මියගොස් ඇති අතර පොලීසිය පැවසුවේ ඔවුන්ගේ සිරුරු පස්සර රෝහලේ තැන්පත් කර ඇති බවයි.

මියගිය පුද්ගලයින් අතර ළමුන් දෙදෙනෙක් ද වෙති.

මේ අතර බස්රථ අනතුරින් මිය ගිය පුද්ගයින්ට රුපියල් පනස් දහස බැගින් වන්දි ලබා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ, මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදුකරන බවයි.

මේ අතර සිදුවූ බස්රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ධාවන සී.එච්.ආර්.ටී .චන්ද්‍රසිරි මහතා පැවසුවේ ගමනා ගමන මණ්ඩලයේ විශේෂ ඉංජිනේරු කණ්ඩායමක් මේ වන විටත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි.

තවත් පරීක්ෂණයක් අධිකරණය නියොගයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා පොලීසිය එක්ව සිදුකරන බව සී.එච්.ආර්.ටී .චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,215FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img