30.6 C
Colombo
Monday, July 7, 2025

නිවාස සහ ණය ගැන බදු ප්‍රතිපත්තිය වෙනස් වෙයි…

Published:

මූල්‍ය නොවන සේවාවන් සඳහා හඳුන්වාදුන් බදු සංශෝධනය පෞද්ගලික අංශයේ සේවකයින්ට ද අයිතම දෙකකට අදාළව සහන ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේය.

උපයනවිට ගෙවීම සඳහා ආදායම ගණනය කිරීමේදී මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අය කළ බදු සංශෝධනය කරමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඊයේ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබීය.

ඊට අනුව මූල්‍යමය නොවන ප්‍රතිලාභ ගණයට සේවායෝජකයෙකු විසින් සපයන ලද ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, සේවායෝජකයා විසින් සපයා ඇති අනෙකුත් මූල්‍ය-නොවන ප්‍රතිලාභ වෙනුවෙන් අය කළ බද්ද සංශෝධනය කර තිබේ.

ඊයේ (08) දිනයේ නිකුත් කළ සංශෝධනය සියල්ල රාජ්‍ය අංශය සඳහා අදාළ වන අතර ඉන් අයිතම දෙකක් පෞද්ගලික අංශයට අදාළ වෙයි.

ඒ අනුව පෞද්ගලික ආයතනය තම සේවකයින් වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම සඳහා ආයතනය දරනු ලබන පොලි වියදමට සේවකයාගෙන් බදු අය කළ අතර එම බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ඊයේ නිකුත් කළ චක්‍රලේඛනය මගින් නිර්දේශ කර තිබේ.

මේ අතර රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම අදාළව යම් ආයතනයක් සිය සේවකයින් වෙනුවෙන් නිවාස පහසුකම් සඳහා ආයතනය වැයකරන මුදල බදු සඳහා ඇතුළත් වුවද නව සංශෝධනය මගින් එම මුදල සඳහා අයකරනු ලබන්නේ වැටුපෙන් 12.5%ක ප්‍රතිශතයක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img