27.2 C
Colombo
Monday, July 7, 2025

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් හයිටි ජනාධිපතිවරයා ඝාතනය කෙරේ…

Published:

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් හයිටි ජනාධිපතිවරයා ඝාතනය කෙරේ…

අගනුවර පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරයකින් හයිටි ජනාධිපති යොවෙනෙල් මොයිස් (Jovenel Moïse) ඝාතනය කර ඇති බව එරට අන්තර්වාර අගමැතිවරයා පවසයි.

අගමැති ක්ලෝඩ් ජෝසෆ් (Claude Joseph) පවසන්නේ, එරට වේලාවෙන් අලුයම එකට පමණ හඳුනානොගත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පොර්ට් – ඔ – ප්‍රින්ස් (Port-au-Prince) අගනුවර පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදී ඇති බවය.

ප්‍රහාරයෙන් ජනාධිපති ආර්යාව ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.

“රාජ්‍යයේ කටයුතු දිගටම පවත්වාගැනීම පිණිස සියලු පියවර ගෙන තිබෙන,” බව ද අගමැතිවරයා පැවසීය.

හිටපු ජනාධිපති මිචෙල් මාට්ලි (Michel Martelly) 2017 දී පදවියෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව 53 හැවිරිදි යොවෙනෙල් මොයිස් හයිටි රාජ්‍යයේ ජනපති පදවියට පත්විය.

පදවියට පත්වීමෙන් අනතුරුව ඔහුට බරපතල දූෂණ චෝදනා එල්ල වූ අතර, නිරන්තරයෙන් ප්‍රචණ්ඩ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට ද මුහුණදීමට සිදුවිය.

In February protesters erected burning barricades and clashed with police
මේ වසර මුලදී අගනුවර සහ වෙනත් ප්‍රධාන නගරවල වීදි බට ජනතාව, ජනාධිපතිවරයාට පදවියෙන් ඉල්ලා අස්වන මෙන් බල කළහ

මේ වසර මුලදී අගනුවර සහ වෙනත් ප්‍රධාන නගරවල වීදි බට ජනතාව, ඔහුට පදවියෙන් ඉල්ලා අස්වන මෙන් බල කළහ.

විරුද්ධ පක්ෂය මේ අතර කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයා පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පස් වසරක් සපිරුණ 2021 පෙබරවාරි 07 වෙනි දින යොවෙනෙල් මොයිස් ගේ ධුර කාලය අවසන් විය යුතුව තිබූ බවය.

එහෙත් 2017 පෙබරවාරි 07 වෙනි දින දක්වා තමන් පදවියට පත්නොවූ බැවින් සිය ධුර කාලය අවසන් වන්නේ තවත් වසරකින් පසුව බව ඝාතනයට ලක් වූ ජනාධිපතිවරයා තර්ක කළේය.

හිටපු ජනාධිපති මිචෙල් මාට්ලි ඉල්ලා අස්වීමෙන් අනතුරුව 2015 දී පැවති මැතිවරණය දූෂිත බවට එල්ල වූ චෝදනා හමුවේ එය අවලංගු කෙරුණු අතර, යොවෙනෙල් මොයිස් ඉන්පසුව පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img