23.4 C
Colombo
Thursday, November 27, 2025

නියාමනයක් නැතිව කෝටාව වැඩි කරන්න බෑ. බලශක්ති ඇමති…

Published:

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර අදාළ ත්‍රිරෝද රථ නියාමනයට ලක්කළ යුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ත්‍රිරෝද රථ නිසි නියාමනයකින් තොරව ඉන්ධන කෝටාව සියලුම ත්‍රිරෝද රථ සඳහා වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා.

“දැනට අපි දෙන්නේ ලීටර් 5යි ත්‍රිරෝද රථ සඳහා.අපි නියාමනය සකස්කරලා දෙනකොට අපිට ප්‍රවාහන අමාත්‍යාංශය හරහා අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් මේක වැඩි කරලා දෙන්න මොකද දැනට තියෙන විදියට ලියාපදිංචියක් නොමැතිව නියාමනයක් නොමැතිව අපිට සියලුම ඒවාට එක සැරේ දෙන්න ගියොත් එහෙම අපිට දෙන්න පුළුවන්කමක් නෑ . දැනට අපේ තියෙන පද්ධතියේ ලක්ෂ 11කට ආසන්න ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා තියෙනවා. කෝටා එක වැඩි කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ කෝටා එක වැඩි කිරීමේ හැකියාව තියෙන්නේ ලක්ෂ 10න් ලක්ෂ 9ක් ආවොත් එහෙම පූර්ණ කාලීන ත්‍රී රෝද රථ කියලා අපිට අර කෝටා එක අඩු කරන්න වෙනවා අපි වැඩි කරන්න ඉන්න බලාපොරොත්තු වන ප්‍රමාණයෙන්. නමුත් ඒක 3ක් හෝ 4ක් නම් තියෙන්නේ අපි දැනටමත් එකඟ වෙලා තියෙනවා සාමාන්‍යයෙන්  ලීටර් ප්‍රමාණයක්, ජනාධිපති තුමාට අපි කියලා තියෙනවා අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය . ඒ අනුව අපිට වැඩි කරන්න පුළුවන්. ඒක අපිට ගැටලුවක් නෙමේ එක දවසින් කරන දෙයක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img