29.5 C
Colombo
Sunday, July 6, 2025

නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් රජය ගත් තීරණය..

Published:

රාජ්‍යයන් කිහිපයක් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත.

ඒ අනුව පළමු වටයේ දී ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

රජය ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විට තායිලන්තය කැමැත්ත පළ කර ඇති අතර ඒ අනුව නිදහස් වෙළෙද ගිවිසුම ගැන ජනවාරි 08 හා 09 යන දෙදින මෙරට දී තායිලන්ත රජයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් එරට ප්‍රධානීන් මෙරටට පැමිණීමට නියමිතව පවතී.

පසුගිය රජය සමයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ බංග්ලාදේශය සමඟ වන සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ද රජය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img