27.8 C
Colombo
Tuesday, August 26, 2025

නැවත දැනුම් දෙන තුරු ලාංකික ශ්‍රමිකයින් විදෙස්ගත කරන්න බෑ…

Published:

නැවත දැනුම් දෙන තුරු ලාංකික ශ්‍රමිකයින් විදෙස්ගත කරන්න බෑ…

ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා තත්ත්වය පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශසේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම තත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමටයි විදේශසේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත්තේ.

නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සභාපතිවරයා ඇතුළු කළමණාකාරීත්වයේ සහ බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන නියෝජනය කරන සංවිධාන වල සහභාගීත්වයෙන් අද  දින පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹී ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබා දීම සඳහා කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවගේ දේශිය හා විදේශිය සංචරණ තත්වයන් සීමා කිරීම සිදු කළ යුතු බැවින් බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

එසේම, කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති ඇතැම් රටවල් විසින් එම රටවල් වලට ඇතුළුවීම සීමා කිරීමට ගෙන ඇති තීරණය‍ට සහයෝගය දීමක් වශයෙන්ද මෙම තීරණ වලට එළැඹුණු බවත්  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,416FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img