30.6 C
Colombo
Tuesday, August 26, 2025

නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි : වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරයි… ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළට…

Published:

නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි : වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරයි… ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළට…

වැලිසර නාවික හමුදාවේ සේවය කළ සෙබළුන් 29 දෙනෙක් නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඊයේ (22) දිනයේදී පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත නාවික සෙබලා ද ඇතුළු මෙලෙස නාවික හමුදා නිලධාරින් 30 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර සම්පුරණයෙන් හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත.

පොලොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියාට එම වෛරසය වැලදී ඇති බවට සැකපළ කරන්නේ පසුගියදා ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත පුද්ගලයා සමග සම්බන්ධකම් දැක්වූ පිරිස් සොයා සිදුකළ නාවික හමුදා මෙහෙයුමකට එක්ව සිටි සෙබලෙක් ගෙන් බවයි මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන් යලි කඳවුරට කැඳවා ඔවුන්ට නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ සුවය ලැබු රෝගීන් දෙදෙනා සමඟ සුවය ලැබූ ‍සමස්ත රෝගීන් ගණන 107ක්.

මේ අතර තවත් පුද්ගලයින් 254 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img