27.2 C
Colombo
Saturday, July 19, 2025

නාවික සෙබළුන් සොයා රටවල් 5ක් දියඹට…

Published:

මාසයක කාලයක් නාවික හමුදා නිලධාරීන් හය දෙනකු සමගින් අතුරුදන්ව තිබෙන නාවික හමුදා යාත්‍රාව සොයා රටවල් පහක නාවික හමුදා මෙහෙයුමක් දියත් වන බව වාර්තා වෙනවා.

පසුගිය සැප්තැම්බර් 16 වැනිදා ගාල්ල වරායෙන් දකුණු මුහුදට ගොස් ඇත්තේ ජ්‍යෙෂ්ඨ නාවිකයකු ඇතුළු නාවික හමුදා සෙබළුන් හය දෙනකු සමගින් බවයි වාර්තා වෙන්නේ.

මෙම යාත්‍රාව ගැන සැප්තැම්බර් 17 වැනිදා සිට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් මෙම නෞකාව දියවැළකට හසුවී ගසාගෙන යාමක් හෝ එය යාන්ත්‍රික දෝෂයකට ලක්ව යම් අනතුරක් සිදුවීමක් හෝ වෙනයම් සිදුවීමක් වී ඇත්ද යන්න සැකසහිත බවයි නාවික හමුදාව පවසන්නේ.

මෙම මෙහෙයුම සදහා ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව හා ඔස්ට්‍රේලියාව යන රටවල නාවික හමුදා විසින් මෙම මෙහෙයුම දියත් කර තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුම් දියත් කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසනවා.

අතුරුදන්ව තිබෙන මෙම යාත්‍රාව සොයා ඉන්දුනීසියාවේ සාගරික ගලවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (NRCC) ද එම සාගර කලාපයේ පුළුල් මෙහෙයුමක් දියත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,339FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img