27.8 C
Colombo
Wednesday, September 10, 2025

නාවලපිටිය උද්ඝෝෂණය ගැන පොලිසිය ප්‍රකාශක් නිකුත් කරයි…

Published:

අද (16) දහවල් කාලයේ දී නාවලපිටිය නගරයේ දී විරෝධතාකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, පොදුජන පෙරමුණ මඟින් සංවිධානය කරනු ලබන මහජන හමුවක් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ අතර ඊට සමගාමීව එම ස්ථානයට මීටර් 200කට ආසන්න දුරකින් පිහිටි සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය අසලට එම පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා ඇතුළු පිරිසක් පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබු බවය.

එක් දේශපාලන පක්ෂ හමුවක් පැවැත්වෙන ස්ථානයකින් තවත් දේශපාලන පක්ෂයක පිරිසක් ගමන් කිරීම තුළින් දෙපාර්ශවය අතර ගැටුමක් නිර්මාණය වී වෙනත් බරපතළ හානි මෙන්ම ඇතැම් විට ජීවිත හානි පවා ඇතිවීමට ඉඩකඩ පවතින හෙයින් හා පෙළපාලි පැවැත්වීමට අවසර ලබාගෙන නොමැති බැවින් ජනහමුව ඉදිරිපිට මාර්ගයේ පෙළපාලි නොපවත්වන ලෙස පොලීසිය විසින් එම පිරිසට දැනුම් දුන් බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

නමුත් එම ජනහමුව පැවැත්වෙන අවස්ථාවේ එම ස්ථානයෙන් 100කට වැඩි පිරිසක් සසංක සම්පත් මහතා සමග නාවලපිටිය, කොත්මලේ මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී ඇති විය හැකි ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සලකා බලා ඔවුන්ට විසිර යන ලෙස පොලීසියෙන් නැවත නැවත අවවාද කළ බව ද පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

එසේම පෙලපාළිය පැවැත්වීම සඳහා පොලීසිය විසින් අවසරයක් ලබාගෙන නොතිබු නිසා එය නීතිවිරෝධී වීමත් ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් පැමිණීම නිසා එම ගමන් කරන ලද ආසන සංවිධායකවරයා, නාගරික මන්ත්‍රීවරයෙක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,999FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img