29.5 C
Colombo
Sunday, July 6, 2025

නව වෛරසයේ පැතිරීයාම ඉහළට : තිදෙනෙක් ජිවිතක්ෂයට…

Published:

නව වෛරසයේ පැතිරීයාම ඉහළට : තිදෙනෙක් ජිවිතක්ෂයට…

චීනයෙන් වාර්තා වන නව කොරෝනෝ වෛරසයේ ව්‍යාප්තවීම සිඝ්‍රයෙන් ඉහල යමින් තිබෙන බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටිනවා. ගතවූ දින දෙකක කාලය තුලදී කොරෝනෝ වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව 139 ක් බවයි වාර්තා වන්නේ.

චීනයේ උහාන් ප්‍රාන්තයෙන් පළමුව වාර්තා වූ මෙම වෛරසය වැලඳුණු රෝගීන් එම ප්‍රාන්තයෙන් පිටත වන බිංජින් සහ සෙන්ෂෙන් ප්‍රාන්ත වලින්ද හමුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

චීනයේ පමණක් මේ වන විට මෙම වෛරසයට ගොදුරුවූ රෝගීන් ගණන 200 ක් වන අතර ඉන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ නව කොරෝනෝ වෛරසය වැලඳුණු රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විධිමත්ව සොයා බැලීම ආරම්භ කිරීමත් සමග බවයි.

2002 වර්ෂයේදී සාර්ස් වෛරසය පැතිරි යාමෙන් චිනයේ පුද්ගලයින් 774 දෙනෙක් ජිවිතක්ෂයට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img