නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වේ.
ඒ අනුව මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වන සමුළුව මීට ටික වේලාවකට පෙර සිස්ටීන් දේවස්ථානය තුළ නිල වශයෙන් ආරම්භ විය.
නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගන්නා තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත තිබෙන අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරන අතර නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතු වනවා.
දැනට සිටින කාදිනවල්වරුන් අතරින් මෙලෙස නව පාප්වහන්සේ තෝරා ගැනීම සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.