30.6 C
Colombo
Sunday, July 6, 2025

නව කොරෝනා වෛරසයෙන් 106ක් මරුට…

Published:

නව කොරෝනා වෛරසයෙන් 106ක් මරුට…

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 106ක් දක්වා ඉහළ ගොස් ඇතැයි චීන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

මේ අතර ජර්මනිය හා කාම්බෝජයෙන්ද වෛරස ආසාදිතයන් හමුව ඇති බව වෙයි.

මාරාන්තික නව කොරෝනා වෛරසය අදවනවිට ඉතාමත් සීඝ්‍රයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතියි.

නවතම වාර්තා පෙන්වා දෙන්නේ දැනට හදුනාගෙන ඇති නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 4 297ක් බවයි.

මේ අනුව ගතවූ පැය 24 ක කාලයේදී වෛරස ආසාදිතයන් 1 400ක් වාර්තාවී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එය සැලකෙන්නේ වෛරස ආසාදිතයන්ගේ ප්‍රමාණයේ සියයට 50ක කැපී පෙනන ඉහළයාමක් ලෙසයි.

මේ අතර පළමුවරට කොරෝනා වෛරස ආසාදිතයෙක් මියයාමේ සිදුවීමක් බීජිං අගනුවරින් වාර්තා වෙයි.

පවතින අවදානම්සහගත තත්ත්වය සලකා චීනයට අයත් හොංකොං රාජ්‍යය තුළ පිහිටි පොදු ස්ථාන රැසක් වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබුණි.

මේ අනුව එහි ක්‍රීඩා මධ්‍යස්ථාන, පුස්තකාල හා කෞතුකාගාර සියල්ල වසා දැමීමටත් ඔවුන් කටයුතු කර තිබේ.

මේ අතර ජර්මනිය හා කාම්බෝජයෙන්ද කොරෝනා වෛරසය ආසාදිතයන් හමුව තිබේ.

වෛරසය ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවීම සලකා චීනය වෙත සංචාරය කිරීමෙන් හැකිතාක් වළකින ලෙස අමෙරිකාවද සිය රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔවුන් අවධාරණය කරන්නේ, චීනය වෙත අත්‍යවශ්‍ය නොවන සංචාර හැකිතාක් මගහරින ලෙසයි.

ඒ අනුව යමින්, කැනඩා රජයත් සිය ජනතාව වෙත දැනුම්දී ඇත්තේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සංචාරය නොකරන ලෙසයි.

මේ අතර චීනය වෙත හා ඉන් පිටතට මෙසේ සංචාර අවලංගු කිරීම හේතුවෙන් ගෝලීය සංචාරක කර්මාන්ත ද දැඩි අර්බුදයකට මුහුණපා ඇතැයි විදෙස් පුවත් පෙන්වා දෙයි.

ඉන් ලොව ප්‍රධාන කොටස් වෙළෙදපොළ බොහොමයක කොටස් මිල කැපි පෙනෙන ලෙස පහළගොස් ඇතැයිද විදෙස් පුවත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img