23 C
Colombo
Sunday, January 18, 2026

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හැරීමට සූදානම්…

Published:

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හැරීමට සූදානම්…

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාට මෙම අවස්ථාව ලබාදුන් බවත්, ඔහු මේ වන විට ජනාධිපති ධූරයේ කටයුතු නොකරන බැවින් තමන් තවදුරටත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන බව නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එහි ඇතිවූ පුරප්පාඩුව සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img