28.4 C
Colombo
Friday, August 22, 2025

ධනුෂ්ක තනි නිවසක ඇප මත සිටීමට සිඩ්නි අධිකරණ අවසර පතයි…

Published:

කාන්තාවකට කිහිප වතාවක්ම ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිඩ්නිහි ඇප මත කල් ගෙවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, නැවත අධිකරණයේ පෙනී සිටීමින් තම ඇප කොන්දේසියක් වෙනස් කිරීමට ඉල්ලා තිබේ.එක් නිදන කාමරයක මහල් නිවාසයකට යාමට අවසර දෙන ලෙස ඔහු සිකුරාදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ආධාරකරුවෙකු සමඟ වාසය කිරීමට ඔහුට පනවා තිබූ ඇප කොන්දේසි වෙනස් කිරීමට අවශ්‍ය බව ඔහු පවසා තිබේ.
“එයා කාත් එක්කවත් ජීවත් වෙන්නේ නැහැ. එයා එක් නිදන කාමරයක් සහිත මහල් නිවාසයක් සොයාගෙන ඇත, ”ධනුෂ්කගේ නීතිඥ ඇලන් සහිනොවික් අධිකරණයේදී පැවසීය.
31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අතවර චෝදනා ලද පසු දින 11 ක් රිමාන්ඩ් භාරයේ සිටි අතර පසුව පසුගිය මාසයේ ඇප ලබාගත්තේ රටින් පිටව යාම තහනම, සමාජ මාධ්‍ය භාවිතය තහනම ඇතුළු කොන්දේසි රැසක් සමගිනි. සිඩ්නි නුවර බටහිර ප්‍රදේශයේ රෝඩ්ස් හි නව ලිපිනය උසාවිය විසින් විමසීමෙන් පසු මෙම වෙනස්කම සදහා මහේස්ත්‍රාත්වරිය ක්ලෙයාර් ෆර්නන් අවසර ලබාදී ඇති අතර ජනවාරි 12 දක්වා නඩුව කල් තැබුවාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img