25.6 C
Colombo
Sunday, July 6, 2025

ධනුෂ්ක-කුසල් සහ නිරෝෂන්ට ඉඩ ලැබෙන පළමු ගුවන් යානයෙන් යලි ශ්‍රී ලංකාවට…

Published:

ධනුෂ්ක-කුසල් සහ නිරෝෂන්ට ඉඩ ලැබෙන පළමු ගුවන් යානයෙන් යලි ශ්‍රී ලංකාවට…

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්කා ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල හට තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.

එංගලන්ත සංචාරය අතර වාරයේදී මෙම ක්‍රීඩකයින් තිදෙනා විසින් කණ්ඩායමේ ජෛව බුබුල උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ඔවුන්ට එරෙහිව මෙලෙස තාවකාලික තරග තහනමක් පනවා තිබෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා Radical Sri Lanka වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම මෙම ක්‍රීඩකයින් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි එංගලන්ත තරග සංචාරයෙන් ඉවත් කරන බවයි ඔහු පැවසුවේ.

” ඉඩ ලැබෙන පළමු ගුවන් යානයෙන් ඔවුන්ව යලි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අප පියවර ගන්නවා” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඉරිදා (27) රාත්‍රියේ ඩර්හැම්හි වීදිවල සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් අනතුරුව මෙම අත්හිටුවීම සිදුව තිබෙනවා.

වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොහෝ ක්‍රිකට් ලෝලීන් එංගලන්තයට එරෙහිව සියලුම විස්සයි 20 තරග පරාජයට පත්ව ඇති අවස්ථාවක මෙම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබෙනවා.

වීඩියෝවේ සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලා සිටි අතර ඉන් අනතුරුව ක්‍රීඩකයින් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,203FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img