27.8 C
Colombo
Wednesday, August 27, 2025

ධනුෂ්කට නඩු දැමූ තරුණියට ශ්‍රී ලාංකික’ නම් ඇත්තන්ගෙන් සමාජ ජාලා ප්‍රහාරයක්.. සමාජ ජාලා ගිණුම අක්‍රිය කරයි…

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් තමන්ට ලිංගික අතවර කළේ යැයි ඕස්ට්‍රේලියානු අධිකරණයක නඩු පවරා ඇති කාන්තාවට ශ්‍රී ලාංකික නම දරන පුද්ගලයන් විසින් හිංසාකාරී පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ එවන බවට එරට අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ හේතුවෙන් ඇය ඇයගේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි අක්රීය කිරීමට කටයුතු කර ඇතැයි ද පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී ඇත.

ධනුෂ්ක ගුණතිලක සිය ඇප ඉල්ලීම යලිත් ඉදිරිපත් කල අවස්ථාවේ පොලිසිය මේ බව වාර්තා කළේය.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට කියා සිටියේ එම පණිවුඩ එවීම සිදුව ඇත්තේ ධනුෂ්ක ගුණතිලක රැඳවුම් භාරයේ සිටිය දී බැවින් ඒවා සඳහා ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉන් හෙලි වන නිසා ඇප ලබා නොදීමට එය කරුණක් නොවන බවයි.

පැමිණිලිකාර තරුණියගේ නිවසට යාමෙන් පසුව මුල් අවස්ථාවේ ඇයගේ කැමැත්තෙන් ලිංගික ක්‍රියාකාරකම් වල නිරතව ඇති බව පොලිස් වාර්තාවන්හි සඳහන් වන බවද පැවසූ නීතීඥයා පොලිසිය සිදු කළ පැමිණිල්ල නීතිමය වශයෙන් ශක්තිමත් නැතැයි ද පෙන්වා දුන්නේය.

ධනුෂ්ක ගුණතිලක දැඩි ඇප කොන්දේසි මත නිදහස් කරන ලද්දේ එවන් දීර්ඝ වාද විවාද මැදය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img