26.7 C
Colombo
Wednesday, August 27, 2025

ධනුෂ්කගේ නඩුව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්…

Published:

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුවට අදාළව මූල්‍ය පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු කිසියම් ගැටලුවකට මුහුණ දුන්විට ඔහු වෙනුවෙන් පෙනී සිටීම ක්‍රිකට් ආයතනයේ වගකීමක් හා යුතුකමක් වන අතර ඒ වෙනුවෙන් හැකි උපරිම මැදිහත් වීම සිදුකරන බව ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුකොටුව මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුකොටුව මහතා,

“ඒ වගේ අමූලික බොරුවක් කවුරු නිර්මාණය කරාද කියලා මටනම් හිතාගන්න බැහැ. මොකද ක්‍රිකට් බෝඩ් එකේ අපේ දරුවෙක්, අපේ නිලධාරීයෙක් වේවා. ලංකාව නියෝජනය කරමින් වෙන රටකට යන අවස්ථාවදී කරදරයක් වුණොත් ඒක අපේ යුතුකමක් වගකීමක්. මේ පළවෙනි සැරේ නෙමෙයි මේ වගේ ගැටලුවලට මුහුණදීලා තියෙන. ඒ වගේ ගැටලුවකට මුහුණදෙනෙකොට අපේ ක්‍රමවේදයක් තියෙනවා. අපි සියයට 500ක් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා මේ දරුවාව, ඒ අපේ ක්‍රීඩකයාව බේරගන්න අපි වැඩකටයුතු කරගෙන තියෙන්නේ. ජනවාරි වෙනකන් අපි බලන් ඉන්නේ නැහැ. කළ හැකි නොයෙකුත් කටයුතු කටයුතු තියෙනවා. අපිට උදව් උපකාර කරන්න ඕනතරම් අවංක මිනිස්සු ඉදිරියට ඇවිල්ලා තියෙනවා. බොරුකාරයෝ විශාල පිරිසක් ඇවිල්ල රටේ නැති ‌බොරු ප්‍රචාර කියන ගමන් මේක හදවතටම දැනිලා අවංකව අපේ ළමයාව බේරගන්න එන අය ඇතිවෙන්න අපිට ඉන්නවා.

මේක අඟහරුවාද ක්‍රීඩා ඇමතිතුමක් සමග සාකච්ඡාවේදී ඉතාම පැහැදිලි කිව්වා. එතුමා කිව්වා මේ යන ප්‍රවෘත්ති බලලා මම මේ ක්‍රීඩා අරමුදලින්වත් මේකට වියදම් කරන්නම් කියලා. මම කිව්වා ක්‍රීඩා අරමුදලටත් මිලියන 120ක් ඔබතුමාට අපි දුන්නේ. ඉතින් මේවගේ අවස්ථාවකදී බොරු ප්‍රචාරවලට සවන් දෙන්න එපා. අපිට ඇතිවෙන්න සල්ලි තියෙනවා. අපේ කෙනෙක් බේරගන්න එක අපේ යුතුකමක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,442FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img