27.2 C
Colombo
Saturday, August 23, 2025

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහි නඩුව

Published:

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්  සැප්තැම්බර් මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම් අද (28) ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ සමන්විතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව නවයක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම්කරවන් පවසන්නේ බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතුකළ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ බහුතර ඡන්දයෙන් සම්මත වී නොතිබියදී ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමේ තීරණය බල රහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ බලතල සහ රාජකාරී ඉටුකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන අතර, එම අතුරු තහනම් නියෝගය මෙම පෙත්සම් විභාගය අවසන් වනතෙක් බල පැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img