31.7 C
Colombo
Sunday, July 6, 2025

දෙවැනි ඉනිම වරද්දාගත් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්…

Published:

දෙවැනි ඉනිම වරද්දාගත් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්…

මුල් ඉනිමේ දැක්වූ දක්ෂතාවයන් දෙවැනි ඉනිමට රැගෙන ඒමට අපොහොසත් වීම නිසා පාකිස්තානයේ සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා පිළට අද (23) ටෙස්ට් පරාජයකින් වන්දි  ගෙවීමට සිදුවිය. කරච්චි හිදී පැවති මෙම තරගයේ පස්වැනි දිනයේ පළමු පැයේදීම මෙම පරාජය වාර්තා වීමත් සමඟම පාකිස්තානුවන්ට ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ද තහවුරු කර ගැනීමට හැකිවිය.

අද උදෑසන තරගය ආරම්භ වනවිට ලකුණු 212කට කඩුලු 7ක් දැවී ගොස් තිබූ ශ්‍රී ලංකාව නැවතී සිටියේ පරාජයට ඉතාමත්ම ආසන්නවයි. ඒ අනුව අද උදෑසන නියමිත වේලාවට ඇරඹුනු තරගයේ ඉතිරි කඩුලු 3ම දවා ගැනීමට පාකිස්තානුවන්ට පන්දුවාර 3ක් ප්‍රමාණවත් විය. විශේෂත්වය වන්නේ එම කාලය පුරාවට එකදු ලකුණකින් හෝ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වර්ධනය කර ගැනීමට ඔවුන් ඉඩ නොතැබීමයි!

එහිදී දිනයේ පළමු කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණිය දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාට ගොදුරු වූ අතර එය විනිසුරු විසින් දැවී යාමක් ලෙස පිළි ගත්තේ නැත. එබැවින් පාකිස්තානු පිළට සිදුවූයේ තෙවැනි විනිසුරුගේ පිහිට පැතීමටයි. එහිදී එම භයානක කෙටි පන්දුව ඇඹුල්දෙණියගේ අත් ආවරණයේ දැවටී කඩුලු රකින්නා වෙත ඇදී යන බව පැහැදිලි විය.

ඊයේ දිනයේ තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ඕෂධ ප්‍රනාන්දු මීලඟට දැවී ගිය අතර එම කඩුල්ල අයත් වූයේ යසීර් ශාටයි. ඕෂධ අද දිනයේ තම ගිණුමට කිසිදු ලකුණක් එක්කර නොගත් අතර දැවී යනවිට පන්දු 180කට මුහුණ දී ලකුණු 102ක් ලබා සිටියේය. ඒ හතරේ පහර 13ක් සමඟයි. ඉන් පසු තරගයේ අවසන් කඩුල්ල ලෙස විශ්ව ප්‍රනාන්දු දැවී යන්නේ විශිෂ්ට පන්දු යැවීමක යෙදුනු නසීම් ශාහ්ට ඉනිමක කඩුලු 5 බැගින් දවාගත් අවස්ථාවක් ද තෑගි කරමිනි.

මේ අනුව දෙරට අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය නිමාවූයේ සත්කාරක පාකිස්තානු පිළට ලකුණු 263ක පහසු ජයක් ලබා දෙමිනි. තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේ තම මංගල ටෙස්ට් තරගාවලියට සහභාගි වෙමින් ශතක 2ක් සමඟ ලකුණු 321ක් රැස්කළ අබීද් අලිටයි.

මේ අනුව තරගාවලිය අවසන් වනවිට පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 80 බැගින් ලබාගෙන තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල පසුවෙයි. එහි මුල් ස්ථානය ලකුණු 360ක් ලබා සිටින ඉන්දියාවටත්, දෙවැනි ස්ථානය ලකුණු 216ක් ලබා සිටින ඕස්ට්‍රේලියාවටත් හිමි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img