28.4 C
Colombo
Tuesday, July 8, 2025

දෙමළ-හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙනවා….

Published:

දෙමළ-හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙනවා….

“අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත ලෙස දැක්වෙයි.

කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදුකෙරෙන බව සඳහන්.

මේ අතර ලෝකවාසී දෙමළ ජනතාව හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්‍යයෙන් අපේක්ෂිත අරමුණ සාධණය කර ගැනීමට නම් ලංකාවාසි සියලු දෙනා එකිනෙකා අවබෝධ කරගන්නා වාතාවරණයක් ඇතිකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා ආකල්පමය මෙන්ම ක්‍රියාවෙන්ද යථාර්ථයක් බවට පත් කරගැනීමට පියවර ගතයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පවසයි.

මේ අතර සියලු ජාතීන්ට එකමුතුව සහයෝගයෙන් ජීවත්විය හැකි සාමකාමී රටක් ලෙස සියලු දෙනා හට සුහදත්වය සහ අනෝන්‍ය අවබෝධය උදාකරගත හැකි සුවිශේෂී අවස්ථාවක් තෛපොංගල් උත්සවයෙන් ලැබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෘෂිකර්මය හා බැඳුණු තෛපොංගල් උත්සවය දිනයේදී සහලින් ස්වයංපෝෂිත කිරිමේ රජයේ ඉලක්ක සපුරා ගැනීමට සියලුදෙනා අධිෂ්ඨාන කරගත යුතු බව අග්‍රාමාත්‍යවරයා සිය තෛපොංගල් දින පණිවිඩයෙන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,216FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img