30.6 C
Colombo
Sunday, September 7, 2025

දුරකථන ගාස්තු ඉහළට…

Published:

දුරකථන ගාස්තු ඉහළට…

ජංගම හා ස්ථාවර දුරකථන ඇමතුම් ගාස්තු මෙන්ම අන්තර්ජාල සේවා ගාස්තු සියයට 20 කින් ඉහළ දැමීමට අදාළ සමාගම්වලට අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඊට අමතරව මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ද සියයට 25 කින් ඉහළ දැමීමට අදාළ ආයතන වෙත අවසර ලබාදුන් බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හෙලසිරි රණතුංග පැවසුවේ.

එම ගාස්තු ඉහළ දමන ලෙසට අදාළ සමාගම් මීට මාස 06කට පමණ පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ පිළිබඳ අවධානය යොමුකරමින් සහ වැට් බද්ද සියයට 3 කින් ඉහළ දැමීම සැලකිල්ලට ගනිමින් මෙලෙස ගාස්තු ඉහළ දැමීමට අවසර දුන් බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හෙලසිරි රණතුංග පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,514FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img