30 C
Colombo
Tuesday, September 9, 2025

දුම්රිය කාල සටහන වෙනස් වෙයි…

Published:

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ.

ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණ ද පසුව එය අත්හිටවනු ලැබීය.

කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක පරිදි එම මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් සිදුකිරීමට තීරණය කළ බවය.

ඒ අනුව ලබන 20 වනදා සිට දැනට දුම්රිය ධාවනය වන වේලාවට‍ මිනිත්තු 10කට පමණ පෙර නව සංශෝධනයන් යටතේ දුම්රියන් ධාවනය කිරිමට නියමිතව තිබේ.

මේ අතර නව විගණන වාර්තාවන්ට අනුව අනාවරණය වී ඇති දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති අලාභයේ වගකීම සිය සංගමය භාර නොගන්නා බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,953FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img