30 C
Colombo
Tuesday, September 9, 2025

දිස්ත්‍රික්ක දෙකකට නාය යාම් අනතුරු ඇගවීම්..

Published:

අද (13) පෙරවරු 08.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල, හෑගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශයට මිලිමීටර් 142.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

මීට අමතරව මොනරවි, කිරිදිවැල, එල්ස්ටන්, ගාල්ල, අවිස්සාවේල්ල සහ හිනිදුම යන ප්‍රදේශවලට ද මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් හටගෙන ඇත.

මේ අතර ඉදිරි පැය 24 තුළද දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ විමසිලිමත්විය යුතු මට්ටමේ අවදානම් නිවේදනයක් අදාළ ප්‍රදේශවලට නිකුත්කර ඇති බවය.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, වලල්ලාවිට, පාලින්දනුවර සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කඳුකර ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, රත්නපුර, ඇලපාත, අයගම, කිරිඇල්ල, පැල්මඩුල්ල, නිවිතිගල හා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,953FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img